පතමි නැවතත් ඔබ ම මා

හැර ගියත් ඔබ මා එදා
පෙම් කරම් තවමත් මෙමා
පතමි නැවතත් ඔබ ම මා
හැර නොයන් මතු භවෙක මා

දුටිමි ඔබගේ රුව යලිත්
නැගුනි කඳුලක් නෙත් අගින්
නැතිව පහසක් නුඹෙ නමින්
ගෙවුනි දෙවසක් තනිකමින්

නොවී අන්සතු මෙතෙක් කල්
හමු නූනි ඔබ වන් සඳක්
කරනු බැරි විසි මතකයන්
සුසුම් හෙලනෙමි අද ද මම්

හැකි වෙතොත් මග විවර නම්
එනු මැනේ මෙහි එක් වරක්
දකින්නට ඔය රුව යලිත්
යදම් නැත බැඳ තබනු නම්

Comments

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.