නුඹේ සිනහව

නුඹේ සිනහව දසන් සැඟවුන
සසල කරවයි උමතු මා සිත
දුටුවනින් දිව වැලඳ ගන්නට
කොපුල් සිඹ දෙතොලත ද සිර කර

ගතේ හැඩ රිසි වුයෙන් පමණට
බඳේ දවටා දෑත මා නුඹ
සමීපෙට ගෙන පිය නගන්නට
හෙටක් සාදමු තුටින් සිටිනට

අහංකාරය හිතේ රන්දා
ප්‍රේම දාහය හොරෙන් පෙන්නා
නුඹේ ආලය මවෙත බන්දා
මියැසි හී සර මටත් විද්දා

අහිංසක ඔය මුවග දකිනට
බොහෝ සිත් ඇත නිතර හමුවට
දිවි තුරා වෙන් නොවී ඉන්නට
ප්‍රියයි සදහට මගේ වෙනවට

Comments

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.