රුක්දෙයියෝ

තතනන අයුරු ඉගිළීමට විරල රුක
දැක මං පවුරු සිඳ ආවෙය දිරි ලඳක
එදිරිව පාන්නට හඬ උගුළනවාට
ඕ අද චූදිතය මුනිවත නොරැක්කට

පෙර මස දිනෙක කඩො'ලැත් බල රකින සඳ
යුධ බට මෙ'ලිය දෙවනත් කර දුදන මැද
පිණකට උපන් වැසියෙකි ඈ මෙදෙස ලද
දුදනට උල් වැනිය ඇස වට කිපෙන මද

Comments