අට්ටාපිටි ගඟේ ලියන් වෙනුවෙන් ලියූ කවි

සළෙලු බඹරු කොයි ඉවුරෙත් ඇත බමන
කුරුමාණම කෙමියෙන් ඇන පැණි බොන්න
දිය සනහන කුසුම් තලා පැන යන්ට
මලේ පළල පෙති විය ගණිතේ කුමට

දිය රෙදි ලිහා දිව යන කොලු ගැටයින්ට
හිත නැත ඉවුරෙ ඉඳ හිත පුරවාගන්ට
කයිවාරුව තිබුනත් ඉහටත් උඩට
මලක් තලන්නටවත් හැක්කෙ ද නුඹට

පස් මහ බැලුම් බලලා ලිහනට ගැටය
අට්ටාපිටියෙ ගෙන ආවේ ඇයි කොටය
දිය රෙදි ලිහෙන්නැත තැවුමට ඔය නඩය
ගැටවරයන්ට ඉඩ නැත අනිනට හොටය

දිය කෙළි කරන අඟනුන්ගෙන් ගුටි කන්න
කෙල කට කොණින් හැලුවත් ගඟ උතුරන්න
හැරිලා ගිහින් මුහුදෙන් දිය නා ගන්න
ගිලිලා මලත් කම් නෑ මට නම් ඔන්න

Comments