සිහින කුළුඳුල් හමුව

අප හමු වූ මුල්ම දිනේ
අද වාගේ මතක තියේ
දුටු සැනෙකින් නතර වුනේ
මා හදවත සසල කළේ

සතුටු සිනා දෝරෙ ගියේ
ඔබ දුටු විට මහද ප්‍රියේ
අත් අල්ලන් නිබඳ ලඳේ
අප තෙපලිමු ස්නේහ වදන්

මා අත් ඔබ සිහින් බඳේ
යවා තුරුල් වුනෙමි ප්‍රියේ
හමුවූ හැටි ලවන් අපේ
මට මතකයි අද වාගේ

යන්නට පෙර ඔබ මා
ගේ
මාද ඔබගෙ නළල් තලේ
සිප ගත්තෙමු දෙදෙනාගේ
හද ඉතිරෙන පෙම් බැතියෙන්


Comments