රෝස කටු මිතු පෙම

ප්‍රේමය නිමල රෝස කුසුම් පෙති වැනිය
නටුවෙහි මුල සිටම අග තෙක් විෂ කටුය
පිවිතුරු සුන්දරත්වයෙ මග දුෂ්කරය
කුසුම සිඹි මමද දනිමිය කටුවෙ රඟ

සිටිනට නොහැක තද කරගෙන හිතේ පෙම
මිතුරන් ලෙසින් ඔබ හා මා අතර තුර
ගොඩනැගු ආලෙ කෙලෙසේ සඟවම්ද සඳ
නොහැකිය ප්‍රියේ එය කරනට එසේ මට

මා නිති දනිමි ඔබෙ ආදර අතීතය
හැකිවෙද ඔබට පෙම් කෙරුමට එලෙස මට
ආසයි දකින්නට ඔබෙ නෙතු මිණි සඟල
ම-නමින් වැටෙන ආදර කඳුළැල් වරක


Comments

  1. ලස්සනයි කවිය.... හැබැයි ආදර කඳුළැල් වෙනුවට ආදර හසරැල් දකින්න ආස වෙන එක හොඳයි යාලු.. :)

    ReplyDelete
  2. ආදරේ වැඩි කොටයි ඇස් වලට කඳුලු එන්නේ? ඔයාල කාටවත් එහෙම වෙලා නැත්ද? විශේෂෙන්ම විශ්විට? :)

    ReplyDelete
  3. මොකො නැත්තෙ යාලුව.. වෙලා තියෙනව... ඇස් තෙත්වෙන්නෙ ආදරේ වැඩි වුනාම තමයි.... ඒත් කඳුලට වඩා මෙතනට හිනාවක් ආවනම් ලස්සනයි කියල හිතුන..... :) ඒකයි......

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.