උපන් දින මිණි තිළිණය

එකුන් විසි පැයේ අපි හමු වුනෙමු යලි
උපන් දිනෙන් පසු දින මා නගරයෙදි
ආවේ මගෙ සොඳුර අතැතිව යමක් එහි
ඇගෙන් මා ලැබූ වටිනම තිළිණයකි

රැකියාවට ගොස් වැඩි දොහකුත් නොමැතී
එනමුදු ඇය සතුවු මුදලින් ගෙන තිබුණී
පුන්චි කියා ඇය සිතුවද එය එහිදී
වටිනා තිළිණයක් එදවස මා ලදිමී

දැනුනා විසල් ආදරයක් ඔබේ ලඟින්
ලැබුණා මතක සටහනකුත් ඔබේ නමින්
වැටුණා සතුටු කඳුලැල් මා දෙනෙත් අගින්
වටිනා මිණි තිළිණයකි ඔබ මට සඳේ නිතින්




Comments

  1. අපි නම් දැන් බ්ලොග් බලන්නේ ලාංකීය සිතුවිලි වලින්. එකේ ඇයි මේ ලිපිය තාම නැත්තේ එකේ
    http://taboosubjects.wordpress.com/2010/03/17/121-2/

    http://blog.inetlanka.com/

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.