ලොකු ගහක කතාව



ගසක් තිබුනි කලකට පෙර සෙවණ සැදූ
කොළත් තිබුනි හරි හරියට කඳත් සරු
වැටුනි කලාතුරකින් කොළ බිමට දැරු
වැඩුනි කොළත් අතු පතරේ සැප අයුරු

කල් යද්දී කුණු වී ගියෙ ගසේ මුල
වතුර දැමූවත් නොවැඩිනි ගසේ ඵල
කොළත් එකිනෙකින් පොළවට පතිත විය
සෙවන ලබන්නට හැකියක් නැතෙයි අද

සෙවණක් නැතිමුත් ගස යට සිටියි අප
සෙවණක් දෙන ගස් සොයමින් නිරතුරුව
කොච්චර දැමුවත් දවසෙම එහි පොහොර
සරු කරන්න බැරි පාටයි යලිත් එය

සෙවණ සදන ගස් ඇති මුත් හතර වටේ
යන්න නොහැක අප බැඳ ඇත ගසේ බඳේ
හරකුන් මෙන් ගස වට තණ බුදිමින්නේ
කන්න තණත් නැත එහි බිම මුඩු වැන්නේ

පොහොර දැමූවත් යහමින් ගුණක් නැත
පොහොර සදන අප දන්නෙය ඒකෙ රඟ
පොහොර දැමිය යුතු ගුණ දෙන ගසකටය
පොහොරේ ගුණය වැටහෙන්නේ එවිටකය

ගසේ අතු කඩා ගන්නේ ගසේ මුලයි
ගසේ කොළ හලා ගන්නෙත් එහිම මුලයි
පසේ ගුණය නොරඳන්නෙත් ඒ හින්දයි
එය තේරුම් ගත යුතු කළ බෝම ලඟයි

ගහ වටේට අත් අල්ලන් සිටියාට
ගහ වටේට රන් වැටවල් බැන්දාට
වතුර පොහොර දිනපතාම දැම්මාට
මුලට වැඩක් නොම වේ නම් කිම වේද?

Comments

  1. සමහරුන්ට මෙක නොතෙරෙන එක තමා පුදුමෙ..

    ReplyDelete
  2. aththa kathawa, godak ayata oka hari hati therum ganna baruwa nikan wachan wisikaranawa....
    Great Job..

    ReplyDelete
  3. eth ithin gaha saru kala ehi rasa vindi ayata gaha hara yanu bari ganai.....

    ReplyDelete
  4. danno danithi..

    Wena gas hewwa kiyala Obatanam yana thanaka Hariyanna kiyanda Gajaman Nonalata Baa.

    The win of the Person depends on what he does...
    not the Gajaman Nona's saying.

    ReplyDelete
  5. Gahen loku gedi lebila ewa rasa widi ayata gaha dala yanan bene.........

    ReplyDelete
  6. elaaz
    samahara kattiya dena ekata seemawak nene.eyalata samahara then akkarayak withara rhiyanawa.kochchara dunnath madi.denawa denawa ewarayak ne.ane manda?
    loku talk denne gahe uda athu walata naginna wenna athi,paw
    eth eyalath wena gas gawata yanne eyalath dannawa me gaha den dirala ewarai kiyala

    ReplyDelete
  7. Me wage dewal gana kiyanakota adala pudgalayan gana duka hithenawa. Meyalath wena gas wala hevana labanna gihin bari unama hithe amaruwata kiyana ewwa wenna athi. Mona karannada?? Api me wage ayage sithuwili diha bomoma upekshawen balanna one. Notherum kamata kiyana katha ne.

    Eth kawada hari thamanta kela unama thama therenne dirapu gahakata mukku gahala wadak na kiyala. (Habai gaha thamawa apahu jeewath karawanna ida denawanam anna ekata udaw kalata kamak na. Eth me gaha ehema karanna denneth nane :( )

    Thawa deyak, gahe hataganna seemitha gedi walin e e pudgalayo vitharak yapenakota, ohoma awadanne nathuwa idala hariyanneth na.

    Oya ka gahana aya wena gas assata ringanne katath kalin.

    Mewa kisima hithe amanapekin kiyanawa kiyala adala pudgalayo tharaha gannata kari na. Mewa kiyanne hadenna.

    Oya dala thiyena / dammala thiyena eka eka pata kannadi galawala hariyata wenne mokakda kiyala poddak balanna. Ethakota therei.

    ReplyDelete
  8. Kata kiyannada me kathawa???

    ReplyDelete
  9. ai mallila api gahata mutti alluwama oyalata mokada??mutti alluwama loku gedi kanna puluwan meyala.haraiam rasai ewa...

    ReplyDelete
  10. Gajaman Nonala wage aya nisa thama gahe sewana yata hitapu/inna ayata gaha epa une/wela tiynene.mokada Gajaman Nonala gahe gedi thaniyama kannna hadanawane.anith aya bada ginne....

    ReplyDelete
  11. අපි ගසට තාමත් ආදරේ.එත් ගස එපා උනේ ගජමන් නොනලා වගේ අය නිසා තමා.සෙරටම කලින් යන්න වෙන ගස් හොයල යන්න බැරි උනම දුකට කියනවා ගිය උන්න්ට හරි යන්නෙ නෑ කියලා.හිතේ දුකට ලිය වෙන කවි...පව් ගජමන් නොනා.....

    ReplyDelete
  12. I like the latter part

    ගහ වටේට අත් අල්ලන් සිටියාට
    ගහ වටේට රන් වැටවල් බැන්දාට
    වතුර පොහොර දිනපතාම දැම්මාට

    මුලට වැඩක් නොම වේ නම් කිම වේද?

    ReplyDelete
  13. LOKU gahak Kiyanneth mara TOPIC ekak thama balanyanakota...
    "ane kaale wane waase"

    ReplyDelete
  14. monawa unath kiyanan ona de kiyala tiyanwa....eth me de samahrunnta thereneth ne therunath ne wage innawa...

    ReplyDelete
  15. Elakiri reply eka malli. 100% True!!!!!!!!!

    ReplyDelete
  16. කාලයක් නිහඬ වෙලා තිබ්බ මේ blog එකට ආයෙත් පණ දෙන්න හේතුවක් වෙන්න පුළුවං වෙච්ච එකට සතුටුයි. comments දාපු අය බැණ බැණ හරි දීලා තියෙන නමටත් බොහොම ස්තූතියි. කිසිම තරහක් නෑ මගේ හිතේනම්. හොඳ හිතින් කියන්න ඕන දෙයක් තරහ ගිය වෙලාවක ඒ තරහ පිටින්ම ලියවුණේ. ඒ නිසයි ඒ post එක එච්චර සැර උනෙත්, ඔයාලා වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙත්. ඒ ගැන සමා වෙන්න ඕනේ. දැංවත් පැහැදිලිද බලන්නකෝ...

    සමා වෙන්න ඒ පැදි පෙළ සැර වැඩිනම්
    හිතේ දුකට නොව තරහට ලියවුනෙනම්
    සෙවණ දුන් ගසේ අතු කොළ සිඳින්නනම්
    ඉන්නේ ඇයිද කියලයි ඒ කිව්වේ මම්

    අතු කොළ නොම කඩා සතුටින් පිටව ගියත්
    සෙවණ ඇති කියා අන් ගස් වෙතට ගියත්
    කිසිම දොසක් නෑ ඒ ඔබගේ සතුටක්
    අතු කොළ නොම කඩා ඉනු මැන ඉන්නා තෙක්

    සෙවණේ ඉඳන් අතු කොළ කැඩුවේ නැතිනම්
    කිමද එකවියෙන් සැලුනේ ඔබ මෙතරම්
    සෙවණ ලබා පින් දී ඉන් පිට වුණිනම්
    පොහොර නැතත් කම් නැහැ ඔබ සතුටින්නම්

    මා කිව් දේ දැන්වත් වැටහුනාදෝ
    ගියත් යතත් කම් නැහැ මං බැන්නාදෝ
    ඉන්නා ටිකේ අදරින් ඉන්නට බැරිදෝ
    තරහින් ලිව් නිසා එය වැටහුන් නැත්දෝ

    ReplyDelete
  17. oyata Tharaha giyama Kawida liyawennne Hariii...Sweet..

    ReplyDelete
  18. කාලයක් නිහඬ වෙලා තිබ්බ මේ බ්ලොග් එකට ආයෙත් පණ අවේ ඔයලා වගේ කට තිබ්බ පලියට කියවන කවි කරියො නිසා..මොකද දන්නවද තමන් හරියට එන්නෙ නැතුව අනික් අයට පද කියන්න ගියම ඔහොම දෙවල් වෙනවා තමා.ඔයට ගොඩාක් රිදිල වගෙ නෙද ගජමන් නොනා...පව්..තරහක් නෑ මගේ හිතේනම් කිවට මොකද හිතෙ ඉරිසියව තරහව පිරිල උතුරල යනවා.බල්ලෙක් බිරිවට කන්දක් පත් වෙන්නෙ නෑ ගජමන් නොනා.එ වගෙ තම ඔයාට තරහ ගියාට අපිට පොඩ්ඩක්වත් රිදෙන්නෙ නෑ.වැරදියට තෙරුම් අරන් ඉන්නෙ කව්ද කියල දැන් ඔක්කොමල හොදටම දන්නව..දෙන්වත් ඇස් අරල ලොකේ දිහා බලන්න ගජමන් නොනා

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.