ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

September 15, 2010

ලොකු ගහක කතාව



ගසක් තිබුනි කලකට පෙර සෙවණ සැදූ
කොළත් තිබුනි හරි හරියට කඳත් සරු
වැටුනි කලාතුරකින් කොළ බිමට දැරු
වැඩුනි කොළත් අතු පතරේ සැප අයුරු

කල් යද්දී කුණු වී ගියෙ ගසේ මුල
වතුර දැමූවත් නොවැඩිනි ගසේ ඵල
කොළත් එකිනෙකින් පොළවට පතිත විය
සෙවන ලබන්නට හැකියක් නැතෙයි අද

සෙවණක් නැතිමුත් ගස යට සිටියි අප
සෙවණක් දෙන ගස් සොයමින් නිරතුරුව
කොච්චර දැමුවත් දවසෙම එහි පොහොර
සරු කරන්න බැරි පාටයි යලිත් එය

සෙවණ සදන ගස් ඇති මුත් හතර වටේ
යන්න නොහැක අප බැඳ ඇත ගසේ බඳේ
හරකුන් මෙන් ගස වට තණ බුදිමින්නේ
කන්න තණත් නැත එහි බිම මුඩු වැන්නේ

පොහොර දැමූවත් යහමින් ගුණක් නැත
පොහොර සදන අප දන්නෙය ඒකෙ රඟ
පොහොර දැමිය යුතු ගුණ දෙන ගසකටය
පොහොරේ ගුණය වැටහෙන්නේ එවිටකය

ගසේ අතු කඩා ගන්නේ ගසේ මුලයි
ගසේ කොළ හලා ගන්නෙත් එහිම මුලයි
පසේ ගුණය නොරඳන්නෙත් ඒ හින්දයි
එය තේරුම් ගත යුතු කළ බෝම ලඟයි

ගහ වටේට අත් අල්ලන් සිටියාට
ගහ වටේට රන් වැටවල් බැන්දාට
වතුර පොහොර දිනපතාම දැම්මාට
මුලට වැඩක් නොම වේ නම් කිම වේද?

19 comments:

Seaneor said...

Great job bro.......

Anonymous said...

සමහරුන්ට මෙක නොතෙරෙන එක තමා පුදුමෙ..

Anonymous said...

aththa kathawa, godak ayata oka hari hati therum ganna baruwa nikan wachan wisikaranawa....
Great Job..

Anonymous said...

eth ithin gaha saru kala ehi rasa vindi ayata gaha hara yanu bari ganai.....

Anonymous said...

danno danithi..

Wena gas hewwa kiyala Obatanam yana thanaka Hariyanna kiyanda Gajaman Nonalata Baa.

The win of the Person depends on what he does...
not the Gajaman Nona's saying.

Robin Hood said...

Gahen loku gedi lebila ewa rasa widi ayata gaha dala yanan bene.........

Anonymous said...

elaaz
samahara kattiya dena ekata seemawak nene.eyalata samahara then akkarayak withara rhiyanawa.kochchara dunnath madi.denawa denawa ewarayak ne.ane manda?
loku talk denne gahe uda athu walata naginna wenna athi,paw
eth eyalath wena gas gawata yanne eyalath dannawa me gaha den dirala ewarai kiyala

Bappa said...

Me wage dewal gana kiyanakota adala pudgalayan gana duka hithenawa. Meyalath wena gas wala hevana labanna gihin bari unama hithe amaruwata kiyana ewwa wenna athi. Mona karannada?? Api me wage ayage sithuwili diha bomoma upekshawen balanna one. Notherum kamata kiyana katha ne.

Eth kawada hari thamanta kela unama thama therenne dirapu gahakata mukku gahala wadak na kiyala. (Habai gaha thamawa apahu jeewath karawanna ida denawanam anna ekata udaw kalata kamak na. Eth me gaha ehema karanna denneth nane :( )

Thawa deyak, gahe hataganna seemitha gedi walin e e pudgalayo vitharak yapenakota, ohoma awadanne nathuwa idala hariyanneth na.

Oya ka gahana aya wena gas assata ringanne katath kalin.

Mewa kisima hithe amanapekin kiyanawa kiyala adala pudgalayo tharaha gannata kari na. Mewa kiyanne hadenna.

Oya dala thiyena / dammala thiyena eka eka pata kannadi galawala hariyata wenne mokakda kiyala poddak balanna. Ethakota therei.

Binaramali said...

Kata kiyannada me kathawa???

:( said...

ai mallila api gahata mutti alluwama oyalata mokada??mutti alluwama loku gedi kanna puluwan meyala.haraiam rasai ewa...

Podi eka said...

Gajaman Nonala wage aya nisa thama gahe sewana yata hitapu/inna ayata gaha epa une/wela tiynene.mokada Gajaman Nonala gahe gedi thaniyama kannna hadanawane.anith aya bada ginne....

මුට්ටියා said...

අපි ගසට තාමත් ආදරේ.එත් ගස එපා උනේ ගජමන් නොනලා වගේ අය නිසා තමා.සෙරටම කලින් යන්න වෙන ගස් හොයල යන්න බැරි උනම දුකට කියනවා ගිය උන්න්ට හරි යන්නෙ නෑ කියලා.හිතේ දුකට ලිය වෙන කවි...පව් ගජමන් නොනා.....

Anonymous said...

I like the latter part

ගහ වටේට අත් අල්ලන් සිටියාට
ගහ වටේට රන් වැටවල් බැන්දාට
වතුර පොහොර දිනපතාම දැම්මාට

මුලට වැඩක් නොම වේ නම් කිම වේද?

කව්දබෝයි said...

LOKU gahak Kiyanneth mara TOPIC ekak thama balanyanakota...
"ane kaale wane waase"

Maru sira said...

monawa unath kiyanan ona de kiyala tiyanwa....eth me de samahrunnta thereneth ne therunath ne wage innawa...

Anonymous said...

Elakiri reply eka malli. 100% True!!!!!!!!!

:) said...

කාලයක් නිහඬ වෙලා තිබ්බ මේ blog එකට ආයෙත් පණ දෙන්න හේතුවක් වෙන්න පුළුවං වෙච්ච එකට සතුටුයි. comments දාපු අය බැණ බැණ හරි දීලා තියෙන නමටත් බොහොම ස්තූතියි. කිසිම තරහක් නෑ මගේ හිතේනම්. හොඳ හිතින් කියන්න ඕන දෙයක් තරහ ගිය වෙලාවක ඒ තරහ පිටින්ම ලියවුණේ. ඒ නිසයි ඒ post එක එච්චර සැර උනෙත්, ඔයාලා වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙත්. ඒ ගැන සමා වෙන්න ඕනේ. දැංවත් පැහැදිලිද බලන්නකෝ...

සමා වෙන්න ඒ පැදි පෙළ සැර වැඩිනම්
හිතේ දුකට නොව තරහට ලියවුනෙනම්
සෙවණ දුන් ගසේ අතු කොළ සිඳින්නනම්
ඉන්නේ ඇයිද කියලයි ඒ කිව්වේ මම්

අතු කොළ නොම කඩා සතුටින් පිටව ගියත්
සෙවණ ඇති කියා අන් ගස් වෙතට ගියත්
කිසිම දොසක් නෑ ඒ ඔබගේ සතුටක්
අතු කොළ නොම කඩා ඉනු මැන ඉන්නා තෙක්

සෙවණේ ඉඳන් අතු කොළ කැඩුවේ නැතිනම්
කිමද එකවියෙන් සැලුනේ ඔබ මෙතරම්
සෙවණ ලබා පින් දී ඉන් පිට වුණිනම්
පොහොර නැතත් කම් නැහැ ඔබ සතුටින්නම්

මා කිව් දේ දැන්වත් වැටහුනාදෝ
ගියත් යතත් කම් නැහැ මං බැන්නාදෝ
ඉන්නා ටිකේ අදරින් ඉන්නට බැරිදෝ
තරහින් ලිව් නිසා එය වැටහුන් නැත්දෝ

කපටියා said...

oyata Tharaha giyama Kawida liyawennne Hariii...Sweet..

hithana baba said...

කාලයක් නිහඬ වෙලා තිබ්බ මේ බ්ලොග් එකට ආයෙත් පණ අවේ ඔයලා වගේ කට තිබ්බ පලියට කියවන කවි කරියො නිසා..මොකද දන්නවද තමන් හරියට එන්නෙ නැතුව අනික් අයට පද කියන්න ගියම ඔහොම දෙවල් වෙනවා තමා.ඔයට ගොඩාක් රිදිල වගෙ නෙද ගජමන් නොනා...පව්..තරහක් නෑ මගේ හිතේනම් කිවට මොකද හිතෙ ඉරිසියව තරහව පිරිල උතුරල යනවා.බල්ලෙක් බිරිවට කන්දක් පත් වෙන්නෙ නෑ ගජමන් නොනා.එ වගෙ තම ඔයාට තරහ ගියාට අපිට පොඩ්ඩක්වත් රිදෙන්නෙ නෑ.වැරදියට තෙරුම් අරන් ඉන්නෙ කව්ද කියල දැන් ඔක්කොමල හොදටම දන්නව..දෙන්වත් ඇස් අරල ලොකේ දිහා බලන්න ගජමන් නොනා

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.