ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

August 31, 2013

ඔබේ අතීතය

ඔබ ගත කළ අතීතය
සිහි කරනුයේ මට
මා නුඹ ලඟ නොසිටි
මාගේ අවාසනාවය

නුඹ යහන්ගත වූ
අයෙක් අයෙක් පාසා
මාගේ හදත් සිතත්
හෙමි හෙමින් පැලි පැලී
ලේ ගලා යනු කිම?
මාගේ අවාසනාවය

ඒ රුදුරු අතීතය
නුඹේ දඩබ්බරකමින්
ගත වූ සැටි සිහිවෙත් ම
මා අද ද බෝ තනි වේය
කඳුළු සලනෙමි තනිව
නුඹ සිහි කරමින

එනමුදු ඔබ මාගේය
නැවත නැවතත් මාගේය
කලකට පසුව
මාගේම ප්‍රේමය වී
හමාරය දැන් මා හදේ
මා ප්‍රියාවිය ඔබම වේ අද
දිවිය සරසන ලෝකයයි නුඹ
අතීතය සිත රිදවුවත්
වරින් වර මා සිත

වාසනාවන්තය මා
අවාසනාවන් පැරදා
දිනා ගත් කල
ඔබේ හද පෙම
සදා, මියෙනා තුරා
යළි මම

නොදුටු අද දින

තරහ නොමගන් මා ප්‍රියාවිය
ඉවස සිටුමට නොහැක මේ දුක
නො ආ පමණට දිනක් හමුවට
නොවන් කිසිලෙස දුකක් අද දින

දිටිමි ඔබ මුව බොහෝ දිනයක්
සිහි කරන් ගත කරන් මෙදිනත්
නැති බවක් අඩුවක් ද නොසිතන්
ආදරෙයි මම දුරින් සිටියත්

නොදුටු අද දින අතීතෙට යයි
ලැබෙන දින ගැන සිතින් විමසයි
නුඹේ ළඟටම වෙලා සිටුමයි
මගේ සැම දින පැතුම එයමයි

August 23, 2013

මිදුණු නුඹ

සුසුමකට එහා නොගිය
ඒ කෙටි හමුව
මතකයේ සිතුවම් කළේ
එදා ගත කළ
මිහිරි හමුවය...
මුව මඬලේ දිදිලූ
ඒ මිණි කැට යුග
මවෙත යොමු වූ විගසින්
ගිගිරුවේය මා හද
දැවුනේය මා සිත
ලංව සිටිනට
නොහැකි වන බැව්
දැනෙත දැනෙත ම
හඬාලූයේ සිත ම පමණකි,
නුඹට යොමු වූ
දෙනෙත නොම...
දෙපා යුග මත
වේදනා දෙන
මිදුණු හිම මත
ඇවිද යන ලෙස
නුඹත් හිම තට්ටුවක් විලසින්
සිටී දිය නොම දී නිතින්...
"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.