ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

March 20, 2016

හිස්ව නැත නුඹෙ ලැගුම් හල මා

යළි කෙසේ මම් නුඹට ලං වෙම්ද
හැර ගොසින් දෙවසරක් ගත වෙත්ම
තවම ඇත හිත නුඹේ සෙවනැල්ල
අඳුරු වූ අප බැඳුනු පෙම් කුටිය

දුටිමි නුඹෙ රූ නොයෙක් අයගෙන
ලංව බලතොත් නුඹද නොම වෙය
අහම්බෙන් හෝ දකිනු රිසි වෙද
නොමැත නුඹ කිසි පෙනෙන මානෙක

නුඹේ ලොව අද නොමැති වුද මා
මගේ ලොව තනි මකයි නුඹ මා
සිතින් සිතුවද දිනක් පාසා
හිස්ව නැත නුඹෙ ලැගුම් හල මා

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.