කළු ගඟ අද නිසලයි

අම්මේ බඩගිනියි මා නලවන්න අනේ
ප්‍රියයි ඉන්න ඔබෙ තුරුලේ පෙර සේ
දැනෙයි මහට පෙර නැති සිසිලසක් ගතේ
උණුහුම දෙනු මැන ආයෙත් ඔබ තුරුලේ

පාවෙන සේ හැඟුනිය මට පෙර සේ ද
සිටින කල්හි ඔබෙ කුස තුල මෙන් අද ද
නොදනි කිනම් හැඟුමක් දෝ කියා මෙය
නෑසේ කිසි කෙනෙකුගෙ කට හඬ මෙ මට

තාත්තා නැති ද අදවත් පැමිණෙන්නේ
අයියා කෙලෙස මා නැති ගෙයි සැනසෙන්නේ
අම්මා කිම ද අද මා අසබඩ නැත්තේ
තරහා වෙලා කිම අද හැම මා සමගේ

සෙල්ලම් කරපු කාලය මට සිහිවෙනවා
හුරතල් වෙන්න ආසාවක් ඇතිවෙනවා
කාලය හරස් වී ඇති බව වැටහෙනවා
දිළිඳුව උපන්නේ කිම හිත විමසනවා

නිදා ගන්ට යන්නෙමි අම්මේ සැමදා
දක්නට ලැබේ දෝ පවුලේ අය කිසිදා
හැරිය ද පා කර කළු ගං තීරේ සදා
මා කල පෙම නොම දිය වී යයි නිබඳා

Comments

  1. 21 වන සියවසේ එක කාන්තාවක් මෙසේ වුවද "මව් සෙනෙහස" තරම් අමිල දෙයක් මෙලොව නැත. එය ගැන කිසිම වාද විවාද තර්ක විතර්ක අවශ්‍ය නැත. එය සදාතනික සත්‍යයි.................මෙළොව පවතින තුරු විශ්ව ශක්ති උල්පත එයයි................................
    මෙම අවාසනාවන්ත දරුවා ඉපිද ඇත්තේ මව් කුස නොව යක් කුසකය..........
    වෙනස එය පමණි........................................
    මතු සංසාරයේ ඔබට මව් කුසක ඉපදීමට හැකි වේවා.................................!!!!!!!!!!
    එය මගේද ඔබේද අප සැමගේද පැතුමය.....................................................

    ReplyDelete
  2. මා කල පෙම නොවිය දියවී ගියෙ නිබඳා
    ලස්සන කවි පද....

    දැන් හරිම ලේසියි සිංහලෙන් ලියන්න. මම හදපු එක පාවිච්චි කරනකොට මට නිකන් මොකද්ද වගේ දැනෙනවා..

    ReplyDelete
  3. ඒ ගැන ඔයා ආඩම්බර වෙන්න ඕනෙ. මොකද මේක හරිම ප්‍රයෝජනවත් දෙයක්

    කවි පද වර්ණනා කලාට තුති. :)

    ReplyDelete
  4. ලස්සන කවි පද පෙලක්....
    ඔන්න සමනලීත් බිගුවාගෙ නිර්මාණයෙන් ප්‍රයෝජනයක් ගත්තා...

    ReplyDelete
  5. මේ වගේ කතාවක් ආයෙත් අසන්නට නොලැබේවා!!!

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.