ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

April 30, 2010

වැසි දිය උණුසුම

මෝසම සලයි වැසි දිය බිම් තලය පුරා
දෝරෙ ගලයි ඒ දිය මහ පාර පුරා
පා යුග දෙපළගෙම කිමිදින යනෙන තුරා
මෝසම් සමේ එක් විනි දෙදෙනම තුටිනා

මා පිය මැන්නෙ පොත් මැදුරට ඔබට පෙර
ඔබ සෙව් පොතක් ගෙන ඔබ හට පුද දෙන්න
වැස්සට පෙරාතුව ඔබ හමුවට එන්න
ඇමතිමි ඔබට ඒ පොත ගැන දැන ගන්න

මා අතැතිව තිබූ මුදල මදිවු නිසා
ඔබ පැමිණියෙ පොත් මැදුරට මාව සොයා
මහ වැසි මැද කුඩේ යටින් ආව නිසා
ඔබේ ඇඳුම් එහෙයින් නොතෙමී තිබුණා

පොතත් රැගෙන මහ වැස්සේ ආවෙ අපි
කුඩේ යටින් තුරුල් වෙලා උන්නෙ අපි
එකම බසේ නිවෙස් බලා ආවෙ අපි
නැවතත් හමුවී උණුසුම ලබමු අපි

April 21, 2010

ප්‍රේමාදර කඳුළැලි

ඇයිද ප්‍රියේ නෙතු රතු වුනේ
කඳුළු සලා නෙත් තෙත් වුනේ
ආදරෙයිද මට ඔබ ප්‍රියේ
දැණුනා අද දින මට එසේ

මගෙ ආදර කැල්මන් සඳේ
ඔබ හට දැනුනිද මා සඳේ
නොහඬන් මා වෙනුවෙන් ලඳේ
මා ගැන සිතලා කිසිදිනේ

දැණුනා අද ආදර සෙනේ
වැටුණු කඳුළු බිඳු අතරිනේ
එන්නට හැකිනම් මට ප්‍රියේ
තුරුල් කර ගන්න මා ලයේ

ඔබගෙන් මා හට වූ දෝසා
මතකේ නෑ මගෙ හිතේ පුරා
රකිනෙමි ඔබ මා මියෙන තුරා
නාඬන් මගෙ ආදරි නැවතා

April 19, 2010

සමු නොදෙන් කිසිදා

නැති වන්නට ගිය විට මට ඔබේ සෙනේ
දැණුනා මුළු ලොව හැරගිය විලසකිනේ
ඔබ කියු වදන් ඇසුමෙන් පසු දෙනෙත් මගේ
කඳුළු ගඟක් මැවුවෙය දෙකොපුල් මතිනේ

සැමදා මෙන්ම එදිනත් හේතුව වූයේ
බාධා පැමිණවූ බව ඔබෙ නිදහසෙහී
කෙසේ වෙතත් ඔබ මට දුන් මතක තියේ
මගේ හිතේ සෙල් මත ඇඳි ඉරක් ලෙසේ

දුරස් වෙලා ඉන්න ඔබෙන් ඉඩ නොමදේ
ඔබත් මමත් දෙදෙනම එය හොඳින් දනී
ගොඩනැගු පෙම අතැර යාමට යුතුම නොවේ
ගැටළු කිසිත් විසඳන පිළිතුරත් නොවේ

කඳුළු බිඳු වලින් ඇරඹුණු වෙන්වීම
මගේ වෙනස් වීමෙන් වෙන එක්වීම
ඔබේ සතුට වෙනුවෙන් මගෙ හැමදේම
වෙනස් කර ගතිමි කිසිවක් නොලබාම

ඉර හඳ රෂ්මියට වැඩි ඔබෙ උණුහුම ම
නැත කිසි දිනේ අහිමි කරගන්නෙ මම
ඔබෙන් තොරව ජීවත් වෙනු නොහැක මට
වෙනස් වෙමි නුඹ සතොස වෙනුවෙන් හැමදාම

April 15, 2010

වසත් සම කොවුලියේ

මේ මාගේ පලමු ගීතමය නිර්මාණය ලෙසින් පබැඳෙන පැදි පෙළයි.

මින්දද බැලුම් වැටුනා මේ වසත් කාලයේ
සත්සර නදින් වැයුනා පෙම් කවක් අම්බරේ
මෝසම සිහිල් වැසි පොද බිම්තලේ තෙත් කළේ
අවුරුදු සිරින් අපෙ පෙම් කව ලියැවුනා මෙසේ

මා ආදරෙයි මගේ කොවුලියේ සඳේ
මේ ජීවිතේ ඔබයි මා ප්‍රියේ ලඳේ //

ඔබ හඬ මා සවන් පුරා රැව් දුනි ආලෙන්
ගත වූ අවුරුදු සමයේ ඉතිරෙන ප්‍රේමෙන්
දසතේ පැතිරුණු කෝකිළ කූජන නාදෙන්
මට සිහිවෙයි ඔබෙ ආදර කිංකිණි නාදේ

මා ආදරෙයි මගේ කොවුලියේ සඳේ
මේ ජීවිතේ ඔබයි මා ප්‍රියේ ලඳේ //

දෙතැනක මුත් අප දෙදෙනා එක් විමු සැමදා
දුරස් වුනත් අපෙ හඬ අප එක් කලෙ සොඳිනා
හිරු රැස් නව අවුරුද්දක උදාව ගෙනිනා
අප දෙහදත් එක් වුනි මින්දද හී තුඩිනා

මා ආදරෙයි මගේ කොවුලියේ සඳේ
මේ ජීවිතේ ඔබයි මා ප්‍රියේ ලඳේ //

April 11, 2010

නෑගම් සිරි ගමන්

පන්තිය හැරී ඔබ එන කළ මා වෙතට
සිටියෙමි මමත් ඔබ එන තුරු අතර මග
ආවේ මඳක් පමා වෙලා මා ලඟට
තරහක් නැතේ මගේ හිතේ ඔබ ගැනම

තැබුවෙමි ඇගේ අත මා ගත් තිළිණයද
අවුරුදු වලට ඇය හට ගත් පුංචි දෙය
මුලදී එපා කියුවත් එය ඇය මහට
පසුව භාර ගත්තිය ඇය තුටු ඇතිව

යනදා අදයි ඇය ඇගෙ ගම් පියස වෙත
නෑදෑ හිත මිතුරු සැවොමා හමු වන්න
අවුරුදු ලඟය තව දින දෙක තුනක් වෙය
ඇයත් සමග යා හැකි නම් අගනේය

ඇයත් සමග ගියෙ මා ඇය හැරලන්න
බස් රථයට ගොඩ කර නැවතත් එන්න
හිත නොම දෙන්නේ ඇය හැරලා එන්න
ඇයව තුටින් පිටත් කරල සමු දෙන්න


April 9, 2010

පෙමයුරු දිගු හමුව

හිමිදිරියේ කුරුලු හඬින් දසතම රාවය දෙන්නේ
ඔබේ රුවද මගේ සිතේ අවදිවු සැන දිස්වෙන්නේ
ඔබ හමුවට එනු ලෙසිනේ නිවසින් මා නික්මෙන්නේ
මිටින් හැරුණු විහඟ ලෙසින් ඔබෙ අසලට පැමිණෙන්නේ

මා නෙතු මත සිහිල් පැණක් තැවරුණු බඳු සිසිල් සුවක්
ඔබ දුටු විට සන්තෝසෙන් ඉපිලවුනේ ගතත් සිතත්
හද මණ්ඩල ගැඹුරු තැනින් බැස එන රුහි සීරාවක්
ඔබ දැකුමෙන් සියොලඟෙහිම ගැවසෙන බව දැනේ මටත්

හමුවී දොඩමළු විමු අපි හෝරාවක් ඔබෙ තුරුලේ
තරහ ගියත් එකිනෙක හට විටින් විටේ සැරින් සැරේ
තුරුල් වුනෙමු ළමැදෙහි නෙත් වල රඳවා පිණි බිඳුවක්
අසරණ කම් දෙදෙනාගෙම වැටහේවී එවිටකිනේ

නික්ම වුණෙමු දෙදෙනම යාමට එම දින සැරිසැරුමක්
සෙනෙග බොහෝ ගැවසෙන නගරෙක දෙන්නගෙ පොඩි රවුමක්
ගැනුමට ඇය හට ඇයගේ නවාතැනට ඕනෙ දෙයක්
සිතූ පරිදි එයත් රැගෙන ආවෙමු අපි නැවත පැයක්

ගෙන ආ දෙය පසෙකින් ලා ගත්තෙමු අපි දිව අහරේ
එකලස් කෙරුමට ඇය හට උදව් වුනෙමි පසුව එසේ
නවාතැන ඇගේ මා හට අළුත් තැනක් නොම වූයේ
තුරුල් වෙලා පෙමින් උනිමු ආදරයේ මිහිරි රසේ

දින ගණනක් සැඟවී සිටි පෙම් හැඟුමන් අවදි වුනේ
ඔබ හින්දයි අද මා මේ ලෙස සතුටින් හිනැහෙන්නේ
මගෙයි කියා කිසිම දෙයක් මට නෑ ඒ සැම ඔබගෙයි
සැමදා මා ගැන සිතමින් ආදරයෙන් ඉන්න මෙසේ

April 8, 2010

වැසි දිය බොඳ හමුව

සිටියෙමි මා හමුවන්නට ඔබ හැකි නම් මේ දිනයේ
ඔබේ කැමැත්තත් ලැබුනේ මට එන්නට ඔබ හමුවේ
පිට වූයෙමි වැඩ පියසෙන් එනුය කියා බස් රථයේ
වැසි බිඳු බිඳු වටෙන සෙයක් අහඹු ලෙසින් මට දනුනේ

කෙමින් කෙමින් ඔබ අසලට ලං වන්නට එන අතරේ
බිඳු බිඳු වැටි වැහි පොද මහ වරුසාවක් බවට වුනේ
වැහි පොද වරුසා හෙන ගෙඩි සමගින් බිම සැපත් වුනේ
යාමට මා හට ඈ වෙත විලසක් නොම උදා වුනේ

කතා කරා ඈ මා හට බසයේ මා සිටින විට
ගෙදර බලා යන ලෙස ඈ කියුවා වැසි වැටෙන විට
යාමට නම් අපහසු බැව් වැටහිණ ඒ වෙලේ මට
මාද දුකින් පිළිගත්තෙමි ඇගෙ ඉල්ලුම යන්න ගෙට


April 5, 2010

එදා අමයුරු ඔබේ වදන්

ආදරේට අකමැති ලොව කවුරුන්දෝ
එවැනි දෙයක් ලැබුමට අකමැති කවුදෝ
කියා එලෙස ඔබ ඇසුවා මතකයිදෝ
එහෙත් ඔබම එහි සීමා පනවයිදෝ

ආදරෙ මට කරන්න ඔබ කැමති වුනේ
එය ලැබුමට ආසාවෙන් සිටි හින්දයි
මා ගැන ඔබ හට හැඟුමන් පහල වුනේ
මා ඔබ හට නිති විශේෂ වූ හින්දයි

දොඩමළු වූ හැම මොහොතෙම ඔබේ හැඟුම්
අවදි වුබව අමතකදෝ හදේ ලැගුම්
ගත් මිතු පෙම් සොයුරු ලෙසින් කියූ කියුම්
ඔබෙ හද ගත් එකම කෙනා නොවෙද මෙමම්


සෙම්ප්‍රතිශ්‍යා හතුරා

නාසය බරවී වද දෙන එකම හතුරෙකි
හිස රිදවන කැක්කුම් දෙන පරම හතුරෙකි
මුළු ඇඟටම වද දී යන නරක මිතුරෙකි
පෙම්බරීට සෙම් කුපිතවු ප්‍රතිශ්‍යාවකි

බෝම අමාරුවෙන් ඇයත් වැඩ කරන්නෙ දැන්
ආස වුනත් වැඩ කරන්න එපා වෙනව දැන්
කාලකන්නි සෙම් හතුරා කඩා වැදුනි දැන්
ඇගේ තිබුණ සතුට උදුර ගන්න ආවෙ ඇයි

ඊයේ ලාවට පැවතුණු පුංචි වදකයා
අද ඇය හට හොඳටම වද දෙනව සොය සොයා
සමහන් හෝ ගෙන පන්නා දමනුව මේකා
මගේ සොඳුර දුක් නොවන්න පන්නමු මේකා

කපා දැමිය හැකි නම් නාසය මට ඈගේ
සෙම් කුපිතවු වේදනාව දුරලනු ඈගේ
කෙසේ කරම්දෝ මා එය නහයට ඈගේ
ඇගෙ සුරතල් පුංචි නහය නොවේද මාගේ


නේත්‍රප්‍රාසාධිකා

ඔබ වෙනුවෙන් හෙළු කඳුළු සයුර සමානයි
නොදැක සිටිය මොහොත කල්ප සියක් සමානයි
නොදොඩා සිටි වදන් ගණන වාලුකා සමයි
ඔබේ පුංචි ආදරෙ මට විශ්වෙටත් ලොකුයි

ඔබෙ නෙතු අග කඳුළු බිංදු පබළු සමානයි
නෙත් වැසි කළ ඇසි පිය යුග මොණර පිල් සමයි
නෙත් දුටුවන් සිත් සනසන රුවිත මෙන් දිලෙයි
දිගුවන් වූ නීල වරල දුහුල් සළු බඳුයි

ඔබෙ බඳ වට යැවූ දෑත ගන්න මට ලොබයි
ඔබ ලඟදී ගත්තු හුස්ම හෙලනු මට ලොබයි
ඔබෙ උණුහුම අතැර යන්න සිතට මගෙ දුකයි
ඔබෙ උකුලේ හිස තබලා නිදනු මනාපයි

April 4, 2010

තෙමස් පිරූ ආදරේ

බක් මසේ පස් වන දිනේ
උදා විය පෙර වසේ මෙන්
එසේ වුනමුදු පෙර ලෙසේ
නොවිය මේ වස මෙම දිනේ

පළමු දැකුමෙන් ඇරඹුණේ
ඔබෙත් මාගෙත් ආදරේ
ඇති තුරා අපෙ ආදරේ
දුකක් දොම්නස් නෑ සිතේ

සිටින්නට දිවි ඇති තුරා
ඔබෙ ලඟින් ජීවිතෙ පුරා
දෑත් අල්ලන් යන තුරා
වෙන් නොවෙමු අපි නිරතුරා


"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.