ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

May 24, 2010

හමුවූවා මේ දිනේ

හමුවූවා මේ දිනේදිත්
බෝ කලකට පසුව සිත් සේ
මා ආවේ නුඹ දැකුමට
ඒ දිනයේ...

ඔබ එන්නට මත්තෙන්
පා නැගුවෙමි පොත් හලටත්
ගත්තේ නුඹ සෙව් පොතක්
ඒ දිනයේ...

නුඹ ආවේ ඒ සීතේ
මා හමුවට සුපුරුදු සේ
හද ආදර වැඩි වූවා
ඒ දිනයේ...

හද තුටින් මා දුන්
පොතත් රැගෙන දෙදෙනා
ගියේ සිනමා හලට
ඒ දිනයේ...

ලංවී දෙදෙනා අඳුරේ
දෑත් පටලා නැරඹූයේ
මිහිරි චිත්තර පටයක්
ඒ දිනයේ...

බෝ කලකින් පස්සේ
රැඳුනේ බෝ වෙලා
එකිනෙකට ලංවෙලා
ඒ දිනයේ...

2 comments:

දිල් said...

කවිමඩුවේ කවි හටනින් පස්සෙ TeeRox ව දැක්කමයි. අපූරු පද ටිකකින්. කොහොමත් ඔයා පද ගලපන්න දක්ෂයි නොවෑ...

ලස්සනයි

TeeRox said...

මට වැඩිය වෙලා තිබ්බෙ නෑ නොවෑ කවි මඩුවෙ අවිත් කවි ලියන්න.නැත්තම් මඩ වුනත් අම්බානක් ගහන්න තිබුණා. වැඩ කන්දරාවක් තිබුන නේ කොරන්න. ඒ නිසයි කවි මඩ්Uවට එන්න බැරි වුනේ වැඩිය පහු වෙලා දාපු මාතෘකා වලට කවි ලියන්න.

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.