නෙතු ගැටුනා මිණි යුවලක්

සැරිසරනා විටදී මට නොදැනීම
මුහුණු පොතේ දුටුවෙමි ඔබෙ රුව එදින
නෙත් දෙක අයා සිටියෙමි මා ඔබ වෙතට
සිතුනිය මදක් නැවතුනු බව වේලාව

දැනුනේ මහට සුපුරුදු ගතියක් නිබද
මුව දුටු කල්හි එහි සැඟවුණු හසරැල්ල
ඇසි පිය හෙලන්නට අමතක වීය මට
මතකයි එදා මෙන් අදටත් ඒ මොහොත

අකුණක් වැදුනු මෙන් විය මා හද පතුලේ
දිදුලන ඔබෙ ණුවන් මිණි යුගලක් ම වෙතේ
සිටියේ උරය දී සුදු බිතු තලය වෙතේ
එලෙසයි ඔබ දුටුවෙ මා සේයා-රුවේ ඔබේ

එකතු කර ගතිමි ඔබ යෙහෙලියක ලෙස
සමග හද පිරී ගිය පැතුමන් ඇතිව
කෙදින දකින්නට වෙද ඔබ සැබැවින්ම
නික්මුණි එයින් හද බැඳි පැතුමන් ඇතිව






Comments