නොහඬන් කුමරිය මා වෙනුවෙන්
හැරදා ගියත් ඔබ මා අත - නැත මා යන්නේ හැරදා
දාල යන්න බෑ මා හට - ඔබෙ ආදරෙ අත හැරලා
කාසි පනම් වලට වඩා - ඔබෙ ආදරෙ මගේ වුනා
ඒ ආදරෙ මගෙ දිවියට - අලුත් ඉරක රැස් දුන්නා
වන්නෙමි මම ණයගැතියෙක් - සදා ඔබට මගෙ සොඳුරේ
යන්න එපා මා හැරදා - තනි වෙයි මම නැවත ප්‍රියේ
මා වියකුල් උමතු ප්‍රශ්න - ඔබ හට නිති වද දුන්නා
හිතේ රැඳී ඇති හින්දයි - ලඟින් උන්නෙ ඔබෙ සැමදා
එපා සොඳුර මා වෙනුවෙන් - ඔබ දුක් වන්නට කිසිදා
දෙන්න ඉඩක් මා වෙනුවෙන් - ආදරෙ පුද දෙන්න සදා
වරදක් සිදු වූවා නම් - සමාව නොම දෙන් කිසිදා
දුරස් නොවන් කිසිදාකත් - තනි වෙයි මම මෙන් පෙරදා
කඳුළු බින්දු ඔබෙ නෙතගින් - ගිලිහුණු බව මට දැනුනා
පිසින්න මට ඒ කඳුලැල් - මා දැන් ඔබ ලඟ නැතුවා
මා දෙනෙතින් වැටෙන කඳුළු - සිටිනෙමි ඔබගෙන් සඟවා
හඬන්නෙපා මා කුමරියෙ - තුරුල් වෙන්න මා සමගා

Comments
Post a Comment
ඔබගේ අදහස් හා ප්රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...
ඉන්ග්රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.