කුණු කූඩෙට යන මිතුරෙක්



සිටියා මහට පාසල් යන කළ සිටම
හොදම මිතුරෙකුන් ඔහු නම කිව නොහැක
කැම්පස් යන තුරුම අඹ යහලුවෝ ලෙස
සිතුවේ නොමැත සිදුවෙයි කියලා මෙලෙස

පවුල් ප්‍රශ්න සිත් ගැටලුත් කීවෙ මට
හැකි විය වෙන්න මා හට හොද මිතුරාද
තිබුනිය අනුන් පැරදීම
ට ඔහුගෙ සිත
නොහැකි වීය පැරදීමට මා එලෙස

මහත පොරකි පිටි මුට්ටය වගේ ඇඟ
අපි නම් කිවෙ වගා ලිඳ කියා ඔහුට
කියන්නට නොහැක යෙදුවේ අයිද එය
ප්‍රසිද්ධියේ කිව නොමනා දෙයකි එය

කැම්පස් ගිය පසුව සිදුවූ මහ වෙනස
අදහා ගත නොහැක මා හට තවමත්ම
එකට සිටි මිතුරො අමතක කරමින්ම
අලුත් මිතුරො සමගින් ගියෙ නොබලාම

ආවද නැවත වරින් වරේ මා වෙතට
උදව් බලාපොරොත්තුව ලැජ්ජා නැතිව
නොකලෙමි උදව් මාද ඔහුට එහිදීම
ආවේ කියා දොස් මා හට ඒ සැනම

ලොකු විය ඔහුට ඔහුගේ මහ ලොකු යුනිය
එහිද තියෙන බාහිර ක්ලබ් සියලු වැඩ
අඩු වෙන කල්හි ජී.පී.යූ ලකුණු ටික
මතක් වුනේ නැතිදෝ අපි කිව්ව ටික

Comments

  1. කැන්ඩි.........Friday, March 19, 2010 4:09:00 PM

    වගා ළිඳේ පෙරළිය ..........සහ...............
    වගා ළිඳේ අඳෝනාව...................................

    ReplyDelete
  2. ඌරු දළ ඇති ඇතින්නගේ විලාපය................................................

    ReplyDelete
  3. පැණි වරකා ගහට අකුණු වැදුනේ කවදාද...............................?

    ReplyDelete
  4. වරකා වැල වුනු දවසේ

    ReplyDelete
  5. පෙරලෙන වෙනස්වන බව දහමකි ලොකේ
    බොරැවට නෙවෙයි වියතුන් ඒ ගැන කිවෙ
    මිතුරොත් සතුරැයි වෙයි ඒකයි හැටි ලොකේ
    මොකකට දුක් වෙනුද? පලකට නැති දේකි

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.