ගියාට දුක් නොවියන්

මේ මම දැකපු නිසඳැසකට මට ලියන්නට හිතුනු පිළිතුරු කවි පෙළක්. මේ නිසඳැස මා කියෙව්වේ http://wawulthippola.blogspot.com/2010/09/blog-post.html කියන සබැඳියෙන්.

වෙනකෙකුන් ගැන නොසිතා
කලා නම් පෙම් නිබඳා
අහිංසක නම් එසැමා
ගියේ ඇයි ඔබ හැරදා?

වැරදි නැති නම් ඔබගේ
සොබාදම පෙම රැකදේ
හදත් නුඹෙ රැකි පැවතේ
ඇයත් ඔබ ලඟ ගැවසේ

සිතේ ඇඳි ඡායා
නැතේ යනු මැකිලා
දුකින් කල් යවලා
කිම්ද ඵල කියලා

යන්න දෙනු ඒ සැමටා
හිතේ බැමි අත හැරලා
යන්න ඉඩ දීලා
බලන් ඉඳපන් මිතුරා

Comments