හමු විය එකොළොස් මස ප්‍රේමයේ

එකොළොස් මසක් ගත විනි අපෙ ප්‍රේමයට
හිතා ගන්න බෑ අදටත් තිබෙයි එය
දුක් කම් කටොළු මැඩලන් අපි ආව දුර
මෙතෙකැයි කියා වචනින් නම් කිව නොහැක

සතුටුයි ගොඩක් පැවතුන එක ආදරය
සරු කෙරුවේ මේ හැටියට එය ඔබය
මගෙ ආදර වදනින් එය වැඩි වුනිය
නුඹ නැති දා මා තනි වනු නිසැකමය

ඇත්තෙය තවත් යන්නට ලොකු දුරක් හෙට
මාස එකොළසක් මෙන් සිය ගුණ අපට
පෙමින් වෙළී කැප වී එකිනෙකා හට
සදා රකිමු අපෙ බන්ධනෙ පෙමින් වට

Comments

  1. ඔය තනිකරම මගෙ ආදර කතාවනෙ....

    ReplyDelete
  2. අහා... ඔයාගෙ ආදරයත් මේ වගේමද? අහන්නත් සතුටුයි. ඒත් මේ ආදරයට ගොඩක් බාධාවල් තියෙනවා. ඒව ඉදිරියට කියන්නම්. මේක කතාවක් විදියටයි ලියැවෙන්නේ. බොහෝමත්ම ස්තූතියි කවි කියෙව්වට.

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.