කවදද යළි හමු වන්නේ

මතකද අද වගෙ දවසක
වැඩට ගියා නුඹ පළමුව
අද වාගෙම මතකයි මට
නුඹ සතුටින් ඉපිළුන දින

ලස්සන වී හැඩ වීලා
නුඹ නික්මුනෙ නවාතැනින්
අදටත් ඔබ එහි යනෙ'නව
දස මසකුත් කිට්ටු වෙනව

නවාතැනද වෙනස් වෙලා
නුඹ දැන් දුර සිට එන්නේ
තම සොයුරිය සමග නිසා
බය නෑ මට කිසි මොහොතක

හමු වන්නට දැන් නම් මට
කිසි අයුරක ඉඩක් කඩක්
නැති පාටයි මගෙ සොඳුරේ
කවදද යළි හමු වන්නේ

යන එන මග පරිස්සමින්
යනෙනා බව මා දන්නව
එනමුදු මා සොයා බැලුවෙ
නුඹ නැති වනු බැරි හින්දා

Comments