වැරදුනු කලට මයෙ මිතුරට

මේ නිසඳැස 'චතුරගේ මතක අහුර' බ්ලොග් අඩවියේ පලවූ 'උඹලත් මගේ යාළුවොද..? ' ලිපියට මා විසින් පල කරන ලද කොමෙන්ටුවකි.

දුක් වුවත් නුඹ
ඒ නැතත් නුඹ
විහිළු කර මා
සිටියෙ කුමටද?
මිතුරු කම මිස
දෙයක් කුමටද
එක්ව සිටිනට
මේ කපේ තුල

සිදුවි ඇත්තේ
හොඳක් නම් නොව
හඳුන ගන් මැන
මිනිස් වරිගය
එක්ව සිටියද
මිතුරු වෙස් ගෙන
අඟේ හිඳගෙන
කන ම කන ලෙද

මතක ඇත්දෝ
අපට සිටියා
තරවු සිරුරක්
තිබු එ-මිතුරා
හඹා ගිය කළ
තරඟෙ ඉහ ලා
පරණ මිතුරන්
ඉවත දමලා

කියන්නේ නෑ
නුඹට මා සග
තනිව හිඳිනට
ලොවේ කිසි තැන
යකුන් හොරු හා
සලෙලු මනු සැම
ඇසුර වටිනෙය
ලොව දැකීමට

කියන්නෑ මම
කළණ මිතුරෙක්
යැයි කියාලා
නුඹට කිසිදා
වැරදි නම් ඇත
ගණන් කර නැත
නොසිත, සිතලත්
කරපු පෙර දින

නුඹේ අතිනුත්
වැරදි වී ඇත
එබව තවමත්
නැතේ මා සිත
කුමට පල් කර
තබා ගන්නද
හෙවිලි කලැ'කිද
නිවෙස මා හට

වැරදෙනා තුරු
හිනා වන්නට
බලන් හිඳිනා
පිරිස් බෝ ඇත
එබැව් දැනගෙන
දිවි ගෙවන එක
ඉගෙන ගන් සඳ
පහත් මනු සිත

Comments