එන්න ආයෙම

මං නැතුව ඔයා හිටියට
ඔයා නැතුව මං ඉන්නේ
මිහිපිට අපායක බව
ඔයා දන්නේ නැතුව ඇති

මෙහෙම ලීවට
නවකතා නොබලන මම
බොලඳ වචනින් කියන්නේ
මට ඔයා නැතිව දැනෙන
පාලුවයි, දුකයි

කාගෙවත් කීමට
මං රැවටුනාට
මට කරපු ආදරේ වෙනුවෙන්
මං කරපු ආදරේ ගැන
යන්න කලින් එක මොහොතක්
හිතුව නම්
අදටත් අපි එකට

මං වැරදි කලත්, ඒ
ඔයා නැති වේවි කියල හිතලම
ඒත් අද ඔයා
යන්නම ගිහින්
සතුට හොයන්
මාව තනි කරලා


අනේ ආයෙත් එන්න
සොලොස් මස් පෙම
තව දිගු කලක්
ගෙනියන්න
දෙතැනක උන්නත්
තනියෙන් නෙවේ
සිතින් එකට

Comments

  1. අර්ථවත්...මටත් ඔහොමම හිතුන වෙලාවල් තියනවා..හැබැයි වෙන සිද්දීන් නිසා!

    ReplyDelete
  2. ලංකාවේ කෙනෙක් පිටරට ඉඳන් මේ කවි කියවන එක ගැන ගොඩක් සන්තෝසයි. මේ පැත්තේ ආවට ස්තූතියි!

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.