පරදිසි සළු හැඳි නීල කත
නිල්වන් රුවින් සැරසීලා නිසොල්මනේ
තනියෙන් ඉන්නෙ කිමදැයි කිව හැකිද අනේ
නිය පිට නුඹ සේලේ තැබු විගසකිනේ
නිසොල්මන බිඳී සිරුරම අවදි වුනේ
බැලුමට දැකුම්කළු නුඹෙ රූ සපු දිස්නා
ඔබවා ඇත නීල වර්ණ කැට ලෙසිනා
සළුව නොවේ ඒ නිල්වන් නුඹෙ ගතිනා
රවටයි දුටුවන් එය සේලය ලෙසිනා
රැලි පෑදින නුඹ ඇඳි ඒ නීල වතේ
දිලිසේ රිදියෙන් තැන තැන නුඹේ ගතේ
ඒ ගත සිප ගන්නට බෝ දෙනා වෙතේ
නුඹ-වත ලිහා ඒ දෙන කිසිදා නොයතේ
සැතපේ බෝ දෙන සැනෙකින් නුඹේ ගතේ
සැප වේවිද නුඹ හට එය හැඟෙද සිතේ
බෝ දෙන කෙළි රඟ දෙන නුඹෙ දුහුල් වතේ
ගත සිප සේලයෙ සැමරුම් රැගෙන යතේ
රේඛාවන්ගෙන් සැරසුනු සේල වතේ
එල්ලී බැට දී සමහරු පෙරට යතේ
සේලය පිරිමදිමින් නුඹෙ ගත බලතේ
උන් ඩා දිය නුඹෙ පරදිසි වත ගනිතේ
ලිහුමට හැකිමුත් නුඹෙ ගත නීල වත
පල නැත ලැගුමෙන් නුඹෙ දිලිසෙනා ගත
ඇති විට පමණි නුඹෙ ලස්සන දුහුල් වත
ගුණ ඇති ලියක් වන්නේ සැම දනන් වෙත
Is this about blue b__h..?
ReplyDeleteඅපෝ නෑ. ඔය දාල තියෙන පිංතූරෙ ගැනයි කවි පෙළ. අදහසක් පල කරන්න ආවාට ස්තූතියි යාළුවා.
ReplyDeleteඕක කලින්ම කිව්වනම් ඉවරනේ මාව මඤ්ඤං කොරන්නේ නැතුව..
ReplyDeleteඅන්න අන්න අන්තිමට මාව කොපි කොරලා..
කොපි කොලේ නෑ බං. නැත්තන් මක්කක් කියන්නද? 'ඊලඟ පාර තේකක් බීල යන්නම එන්න' කියන්න යැ?
ReplyDelete