යළි දළුලයි පෙම

හමුවිමු ආයෙම සිව් මසකට පසු
මුල් හමුවුණු දින සැමරුම පෙර දින
මා පැමිණියෙ නුඹ දැකුමට ඉන් පසු
සිව් මාසෙක සෝ ගිනි සඟවා ගෙන

සුපුරුදු නගරෙක යලි හමු විමු අප
සුපුරුදු පොත් සල උඩු මහලේ නුඹ
පොත් පිටු අතරේ ඇවිදින කල නුඹ
දුටුවෙමි නුඹ පිය මනිමින් එන විට

කරනට කියුමට දෙයක් නොවිය මට
නුඹ දකිමින් නිසලව නොම සිටි'යැක
සිප වැලඳුම් ගෙන පිලිගනු සිත් විය
කෙලෙස කරන්නද ඉවසා සිටියෙන

පොත් නොම ගෙන අප එළියට ආ සැන
යා යුතු බව විය දුම්රිය පොළ වෙත
යන්නට ඇය හට ආපසු නිවසට
මා හට විය ඇය ඇරලුම ඒ වෙත

සමු දෙනු කෙලෙසද පැහැදිලි නම් නැත
සිත තුල දුක් මහ මෙරක් ලෙසින් ඇත
කදුළු බිඳු දෙකක් මා ඇසි පිය අග
නැවතින ඇය ලඟ නැති වෙද සිතමිණ

පමා වෙන තුරා දුම්රිය ඇය යන
දෙදෙනම දොඩමළු විය ගිය කල ගැන
දෙදෙනම නැවතත් පෙමින් බැඳෙන බව
ඉවෙන් නමුත් වැටහිණ මට එලෙසින

දුම්රිය ඈතින් එන බව සැල වින
දෑසට නැවතත් කඳුළු පැමිණියෙය
මගෙ පිට අතගා කරුණාවෙන් ඇය
මා සනසන්නට ඇය උත්සුක විය

දුම්රිය ආ කල කාලය ගතවී
දොඩමළු වූ පැය නිමවී තිබුනී
මට සමු දී ඇය එහි නැග ගත්තී
ඇය යන තුරු දෙස බලමින් සිටිමි

Comments

  1. සොදුරු නිර්මාණයක් යාළුවා...

    ReplyDelete
  2. @indi: අදහසට තුති
    @Dinesh: ගොඩක් ස්තූතියි.

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.