සිඳලූ නුඹ පැතුමන්

මතකද නුඹ මට කීවා දවසක
මතු යම් දිනයක මා දකිනා සඳ
මාගේ දරුවෙකු නුඹ තුරුලට ගෙන
නලවනු රිසි ලෙස හොවා නිතඹ මත

කෙලෙසින් නුඹ පැතුමන් ඉටු කරමිද
ඒ දරුවන් නුඹගේ නොවෙනා කල
නුඹ අමතක කර කෙලෙසින් යන්නද
හිත නොම දේ වෙන ගමනක් යන්නට

මට නොලැබෙන නුඹගේ ඔය සිනහව
සිතින් මවා හඬනා නිති මා නෙත
නුඹව සොයයි කිමිදී මතකය තුල
දිවියේ නැතිමුත් උම්මත්තක ලෙස

හැරදා ගියමුත් ඔබ මා ඒ දින
මා හැර නොගියෙමි ඔබ කිසි ලෙසකින
නුඹෙ ඒ පැතුමන් ඉටු නොම කරමින
මිය යමි මා දීගෙක නොයමින් වෙන

Comments

  1. ලස්සනයි.... ආදරය හරි අමුතු දෙයක්..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවාට. පළමු වතාවටද මන්දා..

    ReplyDelete
  3. අනේ මන්දා ආදරේ....

    ReplyDelete
  4. ආදරේ ගැන නම් කියන්න දේවල් විවිධාකාරයි නෙව. මේ පැත්තට ඇවිත් අදහසක් පල කලාට තුති

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.