රිදවන මතකය

මතකය හැකි නම් මකා දමන්නට
සිටිනෙමි මා සතුටින් නිතැතින්
නැතිමුත් මා කළ වරදක් ඔබ හට
සමාව අයැදින්නම් නිතැතින්

නෙත් යුග රතු කර කඳුළු නොසැලුවට
සිත් පතුලෙන් මා බෝ හැඬුවා
නුඹ ඉඳ හිට මට කතා කරන කොට
නෙත් කඳුලෙන් පුරවා හැඬුවා

මොහොතක් පාසා ගතවෙන කාලය
ඔබ සිහි ගන්වා හිත රිදවයි
මා ඔබ හා සිට කල ඒ ආලය
මා, ඔබ දෙදෙනම නිති රිදවයි

නොදැක නුඹේ රුව මාස් ගණන් මා
මතකෙන් නුඹ සිහි කර උන්නා
නින්දට ගොස්, අවදිව යලි සැතපී
යහනට එන තුරු මා උන්නා

Comments