නුඹෙ නව තතු නොමැති මෙමා

ඔබ පැමිණැ'ත අද දිනයේ
මුහුණු පොතේ සැරි සැරුමට
නිති එය බලනා මා හට
දැක ගන්නට හැකි විණ අද

නිති නුඹෙ පිටුවට එන මා
සොයනෙමි නුඹගේ රුව මා
ඇතිදෝ යැයි සිතමින් මා
නුඹෙ නව තතු නොමැති මෙමා

මා අද දින බැලූ පිටුම
ඔබත් බලා ඇති ලෙසිනේ
පුදුමයි එය සිදුවූයේ
කෙලෙසද යැයි නොම වැටහේ

මතකයි නුඹ කීවා මට
ගත් බව දුරකතනයකුත්
මාගේ දුරකතනයේම
වර්ගයෙ මුත් වෙනින් එකක්
 

එයින්ද ඔබ මෙහි ආවේ
වෙබ් පිටු වල සැරිසරන්න
මා මදකුදු නොදැක්කේද
වදනක් හෝ පවසන්නට

කවදා හෝ ආයෙත් නුඹ
මා අමතනු ඇසීමමයි
මා අස්වසනට මෙහි ඇති
එකම දෙයත් පිළිසරණත්

කෙලෙසින් ඔබ ගත කරයිද
මා ගැන සිහි නොම කරමින්
කෙලෙසින් මා ගත කරම්ද
ඔබ ගැන සිහි නොම කරමින්

Comments