ඔබ රඟනා රැඟුමන්
ඔබ හැර ගිය දා සිට මා අද තෙක්
කිසිවකු හට නෑ සිත දීලා
ඔබ සිහි වන හැම මොහොතක් පාසා
ඇත මගෙ සිත නිති තනිවීලා
ඔබ රඟනා රැඟුමන් දකිනට මා
නැත කිසිවිට පිරියක් මෙදිනේ
හිත් රිදවන ඔබෙ රැඟුමන් දුටු මා
සැමදා හැඬු කඬුලෙන් ගෙව්වේ
නන්නාඳුනනා සැම අතරේ නුඹ
මිතු දම් බැඳ ගත්තේ කෙලෙසේ
මා රිදවන ඒ දසුන් දකින්නට
මා කල පව කිම වේ නොසිතේ
මගෙන් මතුවටත් වෙනකෙකු ගැන නුඹ
සිත් යවතැයි නොම මා සිතුවේ
එනමුත් නුඹෙ ඔය හැසිරුම් මා දැක
අසරණ වී දුක් බෝ වන්නේ
Sorry for your loss, i understand your pain. its everywhere inside your words. its good you let it all out in same way. it helps
ReplyDeleteමේක නම් මටම ලියවුනා වගේ හරියට.. මේ දේ මේ විදියටම මාත් විදවනවා
ReplyDeleteඅදයි ආවේ.. දිගටම එනවා.. :)