තවමත් මා හඬවන ඔබ

හමුවුනෙමු අපි නැවතත්
වසරකට පසු මෙවරත්
සිතන්නට බෑ සිතෙතත්
දෙනෙත් තෙත් විය ආයෙත්

පොත් ප්‍රදර්ශණයේදී
එදා වාගෙම මෙදිනත්
හමුවුනෙමු අපි නැවතත්
ආයෙ අවසන් වරටත්

නොසිතු ලෙසකින් අදටත්
නුඹට සිහි විය මාවත්
සිතුනි යන්නට දකිතත්
බැලීමට නුඹෙ මුහුණත්

ඉගිල ආවෙමි බසයෙන්
හමු වන්න පොත් අතරෙන්
සිටිමු තත්පර ගණනක්
දුටිමි ලස්සන මුහුණක්

වෙනස් වී ඇත බෝ සේ
හැඩ වෙලා නුඹ රිසි සේ
හැඟේ ලැබුමට පෙර සේ
ලඟින් ඉන්නට සිත් සේ

වෙන්ව යන මොහොතේදී
අතින් ඇල්ලිමු පෙරසේ
යන්න සිත නෑ මසිතේ
කුමක් කරමුද සොඳුරේ

නුඹට මා නම් නැතුවත්
සැපෙන් සිටි'හැක තවමත්
නුඹ දුටුව මම තවමත්
කඳුළු සලනව ගෙදරත්

Comments

  1. ලස්සනයි යාලු..
    අන්තිම පද දෙක ගොඩක් හිතට වැදුනා..

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.