සැබෑ නොවෙනා සිහිනයක්

සැබෑ නොවෙනා සිහිනයක් දෙස
බලා සිටිනා තුරා මේ ලෙස
සැබෑ නොවුන ද තිළිණයකි මට
දෙනෙත් අභියස ඔබෙ නුවන් යුග

ඇතත් දහසක් යොදුන් අප'තර
සැබෑ වන්නට හදේ සිහිනය
පලක් වේවි ද ලං ව සිටිය ද
සැබෑ නොම වනු දනී නම් එය

බිඳී යනු ඇත හදෙහි සිහිනය
මෙ'දිවියේ යම් තැනක සිට මට
නුඹෙ නුවන් යුග ලබන සිහිනය
මතු භවේ වත් සැබෑ වනු මැන


Comments

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.