අළුත් බයිලා

අඩියක් ගැහුවයි කිව්වලු කඩයක් අයිනේ
පඩියක් නැතුවත් අපි නම් වඩයක් කන්නේ
වැඩියක් නැතුවට අපටත් නඩයක් ඉන්නේ
කඩියෙක් හිටියලු දවසක් කුඩයක් අයිනේ

කවුරු කොහොම කිව්වත් අපි මාතර යනවා
මාතර කිඹුලිගෙ පැටියව අරගෙන එනවා
ගෙනත් ඌව කූඩු කරලා රට පටවනවා
ගඟේ හිටපු කුඹුලි අනේ හොටු හූරනවා

කළු කපුටයි සුදු කපුටයි ගමනක් යනවා
මෝල් ගහක් අතරමගදි මෙහෙම කියනවා
මගේ ඇඟේ දළු දාන්න කාලෙ තියෙනවා
ඒ කාලෙට කලියුගයක් ආයෙ ලබනවා

එකේ ඉඳන් තුනට ගැනල බයිලා කියනවා
හැමදාමත් එකම තාලෙ පිස්සු හැදෙනවා
විසි එක් වෙනි ශතවර්ෂෙත් ගෙවිලා යනවා
ගණින්න මොකටද බයිලා කියල අහනවා

Comments

  1. යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
    ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
    හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
    පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

    ගසා දුම් බඹර පරපුර එලවාපං
    කඩා ගත් මීය රස කරමින් කාපං
    මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
    එපා ලෙවකන්න කෑ අත හෝදාපං

    මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
    පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
    ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
    අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.