ජව්සම - පළමු කොටස

ගමේ වරුණ

(පසුබිමෙන්)
හිරු බර වී උදෑසනේ
මල් මල් සිනා රැස් වැදුනේ
මලිති බටිති වන වදුලේ
එක් රොක් වෙලා ගී ගැයුවේ

කඳු මුදෙනින් එබී බලන
හිරු දෙවිඳුන් දිහා බලන
නීල ගොයම් දිලි බැබලෙන
ගම්මානේ දිවි රැක දෙන

කිරි සයුරෙන් බිමට වනම
උන් හිටියෙන් නැගී සිටම
ගම්මානේ දිහා බලන
දාගැබ් රජුන් සිත සනසන

කොක් සේනා පියා සරණ
අහස් කුසේ නිල සරසන
සීත සුලං ගත නලවන
ඇරයුම් වේ ගමට වඩින

අමුත්තාගේ පැමිණීම

(පසුබිමෙන්)
කණ්නාඩි දමං ආවට නම් නෑ හැඩ වෙන්නේ
කඩතොලු වුන මුව කොහොමද ඒකෙන් වහ ගන්නේ
ගැල වූ විට ඔක්කාරය දුටුවන්ට දැනෙන්නේ
කළු පාටින් හැඩ වන්නේ කැත මුව දැන ගන්නේ

කට උල් කර හතර වටේ හොරෙන් බලන්නේ
කළු වීදුරු පහත් කරන් උඩින් බලන්නේ
කිටි කිටියේ ඇඟලු ඇඳුම් හෙමින් වැනෙන්නේ
ගමට රටින් කළු සුද්දෙක් ඇවිත් තියෙන්නේ

ඇඟට ලොකුයි රට බෑගය ඇදගෙන එන්නේ
උස් අඩි ලූ ලාඩම් බිම අනිමින් එන්නේ
කාෂ්ටකේ මද පවනින් සැනසුම් ලන්නේ
එනමුදු මුලු සක්වලටම බැණුම් තලන්නේ

***

(මුදලාලි)
කවුද බොලේ මේ ගෑණී
දැක්කෙ අදයි හැඩකාරී
ලඟ නැත්තන් මගෙ බාරී
කරන්ට හිත සහකාරී

(මුදලාලි අමුත්තාගෙන්)
ඇහුනද මන්දා මුන්දැට
කොයි ඉඳන්ද එන්නෙ මෙහෙට
මෙහෙ කෙනෙක්ද ඇඳිර ගන්ට
බැරුවා නෙව මගේ ඇහැට

***

(අමුත්තිය)
හායි මෙයා අයෑම් සොෆී
මං ආවේ ඉඳන් ඔසී
අඳුන ගන්න බැරිද සොෆී
අයෑම් යුවා සොපි හාමී

***

(මුදලාලි)
නෙදකින් සොපියට ගිය කල
අවුරුද්දට මුං ගිය උඩ
සිංහලයක් මතකත් නැති
පර සුද්දෙක් වෙලානෙ බොල

(මුදලාලි තම හාමිනේට)
ඇහුනද ඒ මේ බලන්න
සොපිනා ගිය උඩ බලන්න

(මුදලාලි හාමිනේ)
මාත් බලා ගත්තු වන ම
යන හැටි සක්කරවට්ටම

Comments