මා තෙවන ඇස

සිහින දකිමින ලංව සිටුමට
අතින් ගෙන සියොලඟෙහි තැබුමට
අවට සිරි අසිරිය ම නැගුමට
සිතුවමක වස් සියක් රැකුමට

අඳුර දුරලා වර්ණ මුසුව ද
කාළ වර්ණෙන් පදම් වූ බඳ
අත්ල යුගලෙන් ස්පර්ශ කෙරුවද
තරහ නෑ නෙත් කළඹ ම'සමග

නෙතට වැකෙනා ඒ සියුම් රුව
ඇඟිලි තුඩකින් සිතුවමක් කර
සඟව දිලෙනා පතක මැනවින
රුකුල් දේ මා තෙවන ඇස මට



Comments