මිලින වූ මල් යලි පිපේවි ද?


මලක් වී සිටි මෙ මා නුඹ හට
පරව ගොස් ඇත නොගිලිහී අද
දියක් ලැබුන ද යලිත් නැගුමට
මිලින වූ මල් යලි පිපේවි ද?

දොසක් නෑ තව තවත් කියුමට
බසක් නෑ තව වැකෙන මා කන
දුරස් වූ බව පසක් කරනට
ගෙවී ගියමුත් සිය වසක් මට

යදම් ලා ඇත මෙමා හද වට
හුදෙකලා වූ ලොවක තද කර
රුවක් නැත වෙන සිතින් මැවුමට
නුඹ ම පමණකි ඉතිරි පැතුමට

Comments