සිතුවමකි ඔබ
අහම්බෙන් නෙත ගැටුනු නුඹ හට
වැටහුනේ නොවෙදෝ යමක්
එකම ගමනක යනෙන දෙදෙනෙකු
බවට හැඟුනේ නැති ද යම්
දුරක් පිය මැන මුහුණ ලා අප
හමු වුණේ නෙතකට නෙතක්
යන්න අවසර ඇති ද පෙරටම
ළංව අතැ'ඟිලි පටලවන්
තෙපුල එවදන් සිතේ රැව් දිනි
ගතවුනත් බෝ වෙලාවක්
නොසිතු විලසින් නිහැඩියාව ම
බිඳුනි දුටු කළ නුඹ වදන්
සිතට හෙමිහිට ටිකෙන් ටික යළි
ලං වෙනා සුන්දර හදක්
මහද අසලදි නැවතිලා මදකට
සලයි සැනසුම් සුසුම්
එකුන් සොළොසක් මාස් දා ගිය
අමිහිරි ම මතකෙන් බිඳක්
මකා දා ඇත තවත් මැකුමට
ඉතිරි වී ඇත මතකයක්
එන්න මා වෙත යන්න පෙරටම
මකාලා කළු පැල්ලනුත්
අඳුරු සිතුවම් මැවූ සිත්තරු
අඳින තෙක් නව සිත්තමක්
ලස්සනයි.......... සුන්දරයි
ReplyDeleteකුරුටු ගෑ ගී පවුර :
ReplyDeleteබෝම තුති. ආයේ මේ පැත්තේ අවිත් යන්න එන්න.