මතක මාවත

නුඹට හිත නැති
මට ද පිං නැති
අපේ ලෝකයෙ
තුටින් හිඳිනට
පෙරුම් පිරුවද
නිහඬ වූවද
මියේවිද අපෙ
මතක මාවත
දුරින් හිඳ හිඳ
එබී බැලුවට
බැඳුම් සිඳ බිඳ
ඉගිල ගිය කල
මගේ දිනකර
සැඟවිලා අද
නැතිය හිමකර
අඳුර නැසුමට

Comments