නැති වරම්

නැතිව පා යුග පහස අපගේ
දිලෙන බිම දෙස දකින ඇසිනේ
කඳුළු බිඳුවක් අගට නැගුනේ
බැරිව ලැබුමට පහස කෙලෙසේ

බුදින්නට තණ නිජබිමේ අප
ලතැවුනත් බෝ දුරින් හිඳ අද
සිහිනෙනුත් සැරිසරයි තුල වට
විඳවනා සැටි වරම් නැති කල

Comments