අත හැරීම

අත හැරිය හැකි සියල්ල
අත හැරියද
අත හැරීමට නොසිටි දෑ
අත හැරීමට සිදු වීම
තම ජීවිතය
අත හැරීමටත් වඩා
රිදුම් දෙන්නකි
රිදුම් දෙන සියල්ල
අත හරින්නට සිත් නොදෙන්නේ
අත හැරීමට නොසිතා
ලං කර ගත් නිසාවෙනි
ලං වූ සියල්ලන්
මා අත හැර ගියේ
මා සිතන්නත් පෙරය

Comments