නුඹට දැනේවි ද මගෙ ආලේ

කාට කියන්න ද
කවුරු අහන්න ද
මා යන එන මං මින් මත්තේ

ඔබට කියන්න ද
සිතින් හඬන්න ද
සිහි කරමින් රුව සිත් පත්ලේ

කෙසේ මිදෙන්න ද
සිතෙන් හරින්න ද
ඔබ තැබු මතකය නෑ දන්නේ

දණින් වැටෙන්න ද
කෙසේ යදින්න ද
නුඹට දැනේවි ද මගෙ ආලේ


Comments