සත්‍යයේ පන්හිඳ

නිදි වැරූ පන්හිඳට නැත කිසිත් විඩාවක්
එනමුදුව හිමිකරන නොවිමසූ කෙළවරක්
ඇත උනුන්හට කැපෙන පද ගෙත්තමින් බියක්
නිහඬව ම වියැකේ ද යුක්තිබර පන්හිඳක්

ගිගුම් දේ වා තලෙහි පියසැරූ භස්මයන්
ගැඹුරු තැන් වල සැඟවයයි නොකි-කතාවන්
පොළු මුගුරු ගෙන තැලූ සඳුන් දර වගාවන්
වියැකුනෙ ද ඒ සුවඳ දැවූ හැම වාරයන්

රට කරනවුන් රුපුන් වී එතිය ආරුඪෙන්
චාරයක් නැති කලට බැට කමින පන්හිඳෙන්
යුධ වදින දැසි දසන් වැකි ගොතයි සීරුවෙන්
තුඩු සිඳා බොන කලට පන්හිඳේ සාරයෙන්

Comments