හත්මොළේ

හත්මොළෙන් ගා හත්පොළේ
මැඩෙව්වේ උන් තණ්ඩලේ
එකුන් සැත්තෑවක් වළේ
තවම නිදතිය කරුවලේ

රජ තෙදෙස් ලද කෑදරේ
තේරුවා දී හෙන හුරේ
ශිල්ප දක්වා ප්‍රාකරේ
සැමරුවේ උන් මේ සැරේ

වසංගතයක් සිව් කොනේ
හිනාවෙන් මග ඇරියනේ
එලූ පලසෙන් රතු අනේ
රටට හෙණහුරු කෙළියනේ

තටමලා හෙණ කාලයක්
පිටකලා පොඩි වාතයක්
වැටෙන තුරු වර්චස් පිඩක්
ඉඳී වහළෙක් යට වළක්

හෙළි කලේ රට පේපරේ
නමුත් එක්කම සනුහරේ
හොරා කෑ හැටි උන් පොරේ
ගැත්තො තාමත් පෙරහැරේ

කලේ බිලියන මුද්‍රනේ
මහා පණ්ඩිත වියතුනේ
විකුණ්නට නම් සෝබනේ
රටක් ඇත නිස්කාරනේ

Comments