අපි නොදන්න සංවර්ධනේ

නම ගහන්න ලොකුවට
නාස්ති කලෙ මරුවට
නම රැඳේවි පසුවට
වැඩ කලොතින් පදමට

ඵලකයෙ නම් හරි ගොඩයි
කොන්ක්‍රිට් කඳු හරි උසයි
ආදායම බිංදුවයි
ප්‍රසිද්ධියට හරි ලොබයි

පණ නැති නායක කමයි
කොන්දක් නම් නැති හැඩයි
අනුවණකම සියොලඟයි
රට කරන්න පෙරටමයි

හොරකම නම් තිතටමයි
හිත නම් හිඟමනටමයි
හැදුනොත් ඒ ලෙඩෙ හැබැයි
සුව කරන්න බෑ තමයි

කෙලවුනා ම හරි හැඩයි
හෙමින් පටිය තද කරයි
දාහට දැන් බඩු ටිකයි
සංවර්ධනෙ අත ළඟයි

ජාතිවාද පාලමයි
එළන්නේ ම ඡන්දෙටයි
තියෙන්නේ ම ගොංකමුයි
හිතුවෙ හොඳට කල බවයි

උං උං හරි එකමුතුයි
නඩු බඩු හොරු එක ගොඩෙයි
මැති සබේ ම පිවිතුරුයි
වැදි බණ නම් තහවුරුයි

කර උඩින් ම උස්සලා
තිබ්බ නාකි පප්පලා
ඇන්නා මිට මොළවලා
වහලුන්ටත් රිද්දලා

ණය හිඟනා ආණ්ඩූ
කලේ රට ම පාණ්ඩූ
උන් ගෙන සැප නිවාඩූ
කෙරුව රටට පාඩූ

Comments