නරි නානා තැන්

පඹයාරාම ඇත සිවලුන් නහවන්ට
සසුන දමා වළපල්ලට සැප ගන්ට
කහවත් දරා එහි ගුණයන් කෙලෙසන්ට
ආවාසෙත් ඉණිමගකිය අවුලන්ට

වළඳත් අඟනු පුදනා දන් තලුමරම
අඳනෙත් නොදනි ලද පූජා කළුවරෙම
නොදැනෙත් සිසිල සිටියත් බෝ මළුවේම
ගිනියම් වේය ඇබිතුන් ලා මයිනහම

දඩාවතට හුරු හීලෑ ගජිඳන්ය
ඉන්ට සිතා හුරතල් වෙයි හරි පොරය
ගාල් කරන් යවතිය කිතු අඬහැරය
නිවණ පමා වූවත් ගජ ලොල් කමය

Comments