සළෙලු වෙස් මූණු

සළෙලුන් වෙසෙති සිල්වත් රෙදි පොරෝගෙන
බොරුවෙන් ගෙවති වෙස් මුහුණුත් දමාගෙන
අනෙකුන් තලා තිරිහන් සුව ලබාගෙන
නඩු විමසයි හුණු කිල්ලොටෙ තබාගෙන

ප්‍රේමය නමින් රාගික සළු ඔතාගෙන
දූතයො වඩිත් සුරලොව කැන්දන් යන්න
විසකුරු සිතින් තෙපලයි මල් පූදින්න
හසුකර ගනිත් නිකැලැල් ඵල විඳගන්න

Comments