නිදහසේ විජ්ජා

දෑ කොඩි ලෙලවා නාරටි හකුලා
දෑ ගී මුමුණා සිඟ ඔද වඩලා
පෑ පටි උදුරා සිව් කොන බෙදලා
දූ පල් ඔසවා කිම දෙස වසලා

පල්ලට යමිනා සත් දස ගෙවලා
සිවලුන් අතගා වැඳ නිති නැමිලා
දුර්දන උගතා අර්ථය නසලා
හාමතෙ කරබා කිම තව වසලා

නිදහස විකුණා විජ්ජා පාලා
හිස් දෑ තනලා හිතලූ මවලා
සමුදුරු පැනලා අත කට පාලා
දැය සූරාලා පවුල් ම දිනලා

Comments