යුධ දොළ

රටක් රටක් ගිලිනා තුරු බලා හිඳින සත
යුධ ගින්නත් කෙළියක් කර ඔට්ටු දමන පව
ගොඩ ගැහෙනා හිස් ගෙඩි නිති ගණිනා වූ ලොබ
දැනත් එවන් වග තුග සංසිඳුවැකි දොළ

රටක් රටක ගිලෙනා තුරු ඇස් ගෙඩි ලොකු කර
සිවල් ගතිය උඩ එයි ලුහු බැඳි එළු පුහුලම
බිම් ගලපා ජය ගන්නා දෙස කුමක ද වග
සොයනුන් හට දිවි පුදනුන් ගැන නැත කැක්කුම

පිඹුරු සදා බිම් සකසා වදනින් හර බර
දැඩි වූයේ හානි කොහේ මොන අවි දිග බර
වාද කලේ වර නැගුමට මරු හා බැඳ සිත
දෝස කෙසේ යාවි ද සාමෙට නැති විට කට

Comments