නිවණෙන් සැතපෙනු ගජිඳනි

නොදෙසූ දහමින් බුදුන් පුදන්නට
වනයෙන් මුදවා එරටින් පටවා
කසවත් වාණිජ සිටු දෙටු පිරිවැරු
දුදනන්ගේ දොළ සංසිඳිනට ආ
ගව් ගණනක් දුර පා ගමනින් වැඩ
කෙළෙසුන් ගෙවමින් දුක් ගිනි නිවනට
දුදනන්ගේ තෙද බල වඩවන්නට
යලි දුගතියකට මග නොසැදී
නිවණෙන් සැතපී ගිමන් හරින්නට
පතනෙමි ගජිඳනි නිවණ මෙසේ ෴

Comments