සාටකපාලිය

ගෙල වට ලා ගත් සාටක පටියට
ගෙල සිර වී පරලොව යන්නේ නම්
අවීචි නරකයෙ පැසෙනා සැලියක
බැස කල පව් උන් ගෙවාපුදෙන්

සොරකම් රැවටිලි ලේ අත ගා රිසි
පිහිදපු සාටකය ම කරලයි නම්
ඒ පටියෙන් තව මිනිසුන් මිරිකා
දුගතියට ම මග තනාපුදෙන්

බෙදලා වෙනසට බෙදලා නීතිය
සැලකුම අපමණ වාසි තකා නම්
කර වට පැලඳූ රන් මෙන සාටක
උරසක්මල් තව ඔතාපුදෙන්

Comments