මාසබ නාටක මාදන පෙලුවේ

නාටක හෙබවිය මාසබ ඇතුලේ
සරණක් නොහිමිව මාදන එළියේ
තඹයක තරමින් මායිම නොකලේ
රටට ම සොරදෙටු සාපය වැදුනේ

පාහර මගකින් මහදන පෙලුවේ
පා කර මරු හට මිනිසෙකු යැව්වේ
ප්‍රාකර තනමින නිදහස වැහුවේ
සාපය උඩු දුව රට වැනසෙන්නේ

උම්මත්තක පල්ලෙකු මහ පුටුවේ
මුර දෙව් උන් වට රූකඩ නැටුමේ
මාදන තැන තැන ඉවසුම් හමුවේ
පලවන්නට ඇට මස් ලේ පුදනේ

Comments