ජඩපල් කෙරුම්

පඩික්කන් කටෙන් රජ කර
ඇබිත්තන් ටිකක් කොටු කර
පදක්කම් ටිකක් මළකඩ
හොලවලා නගයි මර හඬ

බස්තමෙන් යතත් තනිකර
සත්තමෙන් හුඟක් බය කර
පන්දමෙන් යටත් හැතිකර
සිව්පයෙන් යතියි ගරු කර

කප්පරක් ඇතත් ජඩ වැඩ
කෙප්පයෙන් වසන් ඒ හැඩ
පත්කරන් රජෙක් හොරිකඩ
මැඩෙව්වා සැරෙන් යහ දන

Comments